රේගුවට හොර රහසේ ආනයනය කර ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් ලියාපදිංචි කළේ යැයි කියන අධිසුඛෝපභෝගී වාහන 400ක් අතුරින් වාහන 06ක් අල්ලස් කොමිසම භාරයට ගෙන ඇත.
මෙම අතිසුඛෝපභෝගී වාහන 168 හොර රහසේ ආනයනය කිරීමෙන් රජයට රුපියල් කෝටි 700කට අධික පාඩුවක් කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කරන විමර්ශනයේදී හෙළි වූ තොරතුරුවලට අනුව මෙම වාහන භාරයට ගත් බව අල්ලස් කොමිසමේ ප්‍රකාශයෙකු සඳහන් කළේය.
එලෙස අල්ලස් කොමිසමේ භාරයට ගෙන ඇත්තේ රුපියල් කෝටි 04 සිට 06 දක්වා වටිනාකමින් යුත් මොන්ටෙරෝ, ලැන්ඩ්කෲසර්, අධිසුඛෝපභෝගී කැබ් සහ නිසාන් වර්ගයේ අධිසුඛෝපභෝගී ද්විත්ව කාර්ය රථ ඇතුළු වාහන බවද එම ප්‍රකාශයා සඳහන් කළේය.
2015 සිට 2022 දක්වා කාලය තුළ අධිසුඛෝපභෝගී වාහන 400ක් පමණ හොර රහසේ මෙරටට ආනයනය කර ඇති බවට අල්ලස් කොමිසමේ රහසිගත බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරුවලට අනුව කළ විමර්ශනවලදී අනාවරණය වූ කරුණු පදනම් කරගනිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව අදාළ මෝටර් රථ 112ක් පැවරීම හෝ අන්සතු කිරීම වළකාලමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කර ඇත.
හොර රහසේ මෙරටට ආනයනය කළ අතිසුඛෝපභෝගී රථ 400ක් පමණ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි කර ඇති බවට තොරතුරු හෙළි වූඅල්ලස්කොමිසමමීටපෙරඅධිකරණයටකරුණු වාර්තා කරමින් කළ ඉල්ලීමකට අනුව අදාළ අධිසුඛෝපභෝගි මෝටර් රථ වෙනත් පුද්ගලයන්ට පැවරීම හෝ අන්සතු කිරීම වළකාලමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්ජනරාල්වරයාටනියෝගයක්නිකුත්කෙරිණි.
අදාළ සුඛෝපභෝගී මෝටර් රථවල වත්මන් ලියාපදිංචි අයිතිකරුවන්ගේ නම් සහ වටිනාකම් සඳහන් කරමින් දළ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ ඉල්ලීමකට අනුව එම වාහන අල්ලස් කොමිසමට භාරදෙන ලෙස ඒවායේ හිමිකරුවන්ට අධිකරණයෙන් නියෝග නිකුත් කර තිබිණි.
අධිකරණයෙන් එලෙස නියෝග නිකුත් කර තිබියදී මෙම සුඛෝපභෝගී මෝටර් රථ 06 අල්ලස් කොමිසමේ භාරයට ගත් බව සඳහන් කළ නිලධාරියා එම වාහන සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු ආරම්භ කළ බවද පැවසීය.