හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී පසුගිය 5 දා ව්‍යාපාරිකයෙකුට වෙඩිතැබීම සිදුකල වෙඩික්කරු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, කොට්ටාව ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි 31 හැවිරිදි පුද්ගලයෙකු බවත්, ඔහු යුධ හමුදාවෙන් පලාගිය සෙබළෙකු බවත් පොලිසිය පැවසීය .
සැකකරු කලක් යුධ හමුදාවේ 5 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ ඊටපු සෙබළෙකු බවද සඳහන්වේ.
දින ගණනාවක් මුළුල්ලේ සිදුකල දුරකථන විශ්ලේෂණ වාර්තා නිරීක්ෂණ වලින් පසු අනාවරණය වූ තොරතුරු මත සැකකරු අත්අඩංගුවට ගත්බව පොලිසිය සදහන් කරයි.
සැකකරු පදිංව්ව සිටී කුලී නිවසේ සිට වෙනත් ප්‍රදේශයක පදිංචියට යාමට සූදානම්ව සිටියදී අත්අඩංගුවට ගත්බව වැටලීමට එක්වූ නිළධාරීයෙක් සදහන් කලේය.
පසුගිය (05) දා පෙරවරු 10 ට පමණ ව්‍යාපාරිකයකු සුඛෝපභෝගී ජීප් රථයකින් හොරණ ග්‍රේස්ලන්ඩ් වත්ත ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් දෙදෙනෙකු පැමිණ පසුපස සිටි තුවක්කුකරු රථයට වෙඩි තබා පලාගොස් තිබුණි.
සැකකරු අධ්කරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගැනීමට නියමිත බව පරීක්ෂණ සිදුකරන නිළධාරීයෙක් කීය.
අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී ජී ජේ නන්දන, ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීව, උප පොලිස් පරීක්ෂකවරුන්වන උපුල් හර්ෂ කුමාර, කේ එම් ඩී මධුෂාන්, සැරයන් වරුන්වන 41104 සමන්තිලක, 69479 ප්‍රසන්න, 69615 ජයසූරිය , 55301 ගුනේන්ද්‍ර, කොස්තාපල් වරුන්වන 79335 තුෂාර, 98857 වැටලීමට එක් වූහ.
පානදුර සුමිත් පොතුපිටිය