හොංකොං හි සුරාසැල්, ජිම්, සිනමා ශාලා, රූපලාවණ්‍යාගාර සහ වෙනත් පොදු ස්ථාන නැවත විවෘත කිරීමට කටයුතු කර තිබේ. සති දෙකකට වැඩි කාලයක් තුළ නගරය තුළ දේශීයව කොවිඩ් 19 සම්ප්‍රේෂණ වාර්තා නොවීම හේතුවෙන් මෙම තීරණය හොංකොං පාලනාධිකාරිය විසින් ගෙන තිබේ.
කෙසේ වෙතත් නැවත සිය ව්‍යාපාර කටයුතු කිරීමේදී එය කළ යුත ආකාරය පිළිබඳව හොංකොං පාලනාධිකාරිය උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
මේ සතිය මුල සිට හොංකොං ක්‍රමයෙන් සිය සීමාවන් ලිහිල් කිරීම ආරම්භ කළ අතර සාමාන්‍ය ජනතාවට සේවා කිරීම සඳහා සඳුදා සිට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_7ec0c5e933.jpg)