දුම්රිය නියාමකවරයෙකුගේ යතුරු පැදි හිස් වැසුමක් සහ වැසි කබායක් සොරකම් කිරීමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඊයේ (18දා) දා අලුයම සිට දුම්රිය නියාමකවරු ආරම්භ කල වැඩ වර්ජනයක් හේතුවෙන්, උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය රැසක් ධාවනය නොවූ අතර, ඒ හේතුවෙන් විදෙස් සංචාරකයන්, විශ්ව විද්යාල සිසුන් , ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු මගීහු විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව සිටියහ.
මෙම වැඩ වර්ජනය හේතුවෙන් අද (18දා) අළුයම 5ට අනුරාධපුර සිට මැදවච්චිය දක්වාත්, මැදවච්චිය සිට අනුරාධපුර දක්වාත් ධාවනය වීමට නියමිතව තිබූ රේල් බස්රථය ධාවනය නොවූ අතර , උදෑසන 8.20 ට අනුරාධපුර සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වීමට නියමිතව තිබූ අංක 4441 අංක දරන දුම්රිය ධාවනය නොවූ බවද මෙහිදී දුම්රිය ප්රකාශකයකු පැවසීය.
කාලයක සිට දුම්රිය නියාමකවරුන්ගේ යතුරු පැදි, දුම්රිය වේදිකාවේ නතර කර දමා ඔවුන් සේවයට වාර්තා කර තිබූ අතර, ඉහල නියෝගයකට අනුව මෑතක සිට එම යතුරු පැදි, දුම්රිය ස්ථානය ඉදිරිපිට ඇති දුම්රිය කාර්ය මණ්ඩල සඳහා ඉදිකර ඇති යතුරු පැදි ගාලේ නවතා තිබියදී, ඊයේ (17දා) දුම්රිය නියාමකවරයෙකුගේ යතුරු පැදි හිස් වැසුමක් සහ වැසී කබායක් සොරකම් කිරීමේ සිද්ධියක් මුල් කර ගනිමින් වැඩ වර්ජනය ආරම්භ කරන බව එම පිරිස් පවසති.
අප කල විමසීමකදී දුම්රිය ප්රකාශකයකු පැවසුවේ, එම යතුරු පැදි දුම්රිය වේදිකාවේ නතර කර තැබීම හේතුවෙන්, මගීන්ට සහ දුම්රියෙන් රැගෙන එන පාර්සල්, බිමට බෑමේදී සහ දුම්රියට පැටවීමේදී එම යතුරු පැදි දුම්රිය වේදිකාවේ නවතා තැබිම හේතුවෙන් දැඩි බාධාවක් සිදු වීම හේතුවෙන් මෙම ක්රියා මාර්ගය ගත් බවය.
මෙම වැඩ වර්ජනය හේතුවෙන් , උතුරේ සංචාරය සඳහා යාමට පැමිණි දෙස් විදෙස් සංචාරකයන් , විශ්ව විද්යාල සිසුන් , යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින්.රැසක් අපහසුතාවයට පත්වූහ.