හෙඳ සේවය සඳහා 3,000ක් බඳවා ගැනීට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (07දා) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරැ ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
හෙඳ සේවයේ වර්තමානයේ පුරප්පාඩු 1000ට ආසන්න ප්‍රමාණයක් තිබෙන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසීය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස - 2019,2020 වසර වල අ.පො.ස උසස් පෙළ විභාගයට ජීව විද්‍යාව, ගණිත අංශයෙන් පෙනී සිටි සිසුන්ව හෙද සේවාවට බඳවා ගැනීම සඳහා වන ගැසට් පත්‍රය 2023.09.15 වැනිදා නිකුත් කරලා දැනට 3,100ක් බඳවා ගෙන තිබෙනවා. තවත් 3,863ක් බඳවා ගැනීමේ පොරොත්තු ලේකනයේ තිබෙනවා. ඒත් ඒ බඳවා ගැනීම සිදුවෙලා නෑ. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා 45,000ක පමණ හෙද හිඟයක් මේ රටේ තිබෙන මොහොතක කරැණාකරලා ඉක්මනින් මේ ඉතිරි 3,100ත් බඳවා ගැනීමේ ක්‍රියාවලිය සිදු කරන්න.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ - මේ හෙදියන් 3000ක් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවලා, සම්මුක පරීක්ෂණ අවසන් කරලා තියෙනවා. දැන් අපි අභියාචනා කාලය තමයි ගත කරන්නේ. ඉතාම නුදුරේදී ඒ බඳවා ගැනීම් සිදු කරන්න පුළුවන් වෙයි. දැනට 45,000ක් සේවයේ ඉන්නවා. පුරප්පාඩු තිබෙන්නේ 1000කට ආසන්න ප්‍රමාණයක්. අපි 3000ක් බඳවා ගන්න ලෑස්ති කරලා තියෙන්නේ.