දිවයිනේ නිරිත දිග කොටසේ පවතින්ය වැසි තත්ත්වයේ තරමන වැඩිවීමක් හෙට (19) දින් සිට ඉදිරි දින් කිහිපයේදි බලාපොරොත්තු වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බවත් බස්නාහිර හා සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව අද මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඌව පළාතෙත් අම්පාර හා මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්ල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි යැයි එම දෙපාර්තමෙන්තුව කියයි.