උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් හෙට දිනයේදී ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එසේම උතුරු මැද සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සහ දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන ප.ව. 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවත් ඇතැම් ස්ථානවල මි.මී. 100 පමණ තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දින්වලදී ශ්‍රී ලංකාව ආශ්රිත අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතී.
හෙට දින් (13) දහවල් 12:10 ට කුමුලමුනෙයි, මුරික්කන්ඩි, කෙරිදිමඩු හා තන්නියට්ටු යන ප්‍ර දේශවලට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.