බලාගාර සඳහා ඉන්ධන තොග නොමැති වීම හේතුවෙන් හෙට (01දා) දිනයේදී පැය 12ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.
මේ අනුව A, B, C, D, E, F, P, Q, R, S යන කලාපවලට අද උදෑසන 4.00 සිට 6.00 දක්වා පැය 02 කාලයක් හා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වා පැය 4 කාලයක් හා සවස 4.00 සිට රාත්රී 10.00 දක්වා පැය 06ක කාලයක් විදුලි කප්පාදු කිරීම සිදු වේ.
එසේම G, H, I, J, K, L, T, U, V, W යන කලාපවලට උදෑසන 6.00 සිට උදෑසන 8.00 දක්වා පැය 02ක් හා දහවල් 12.00 සිට සවස 4.00 දක්වා පැය 04ක් හා සවස 6.00 සිට රාත්රී 12.00 දක්වා පැය 06ක කාලයක් විදුලිය විසන්දි කෙරේ.
M, N, O, X, Y, Z උදෑසන 5.30 සිට උදෑසන 9.00 දක්වා පැය තුනයි විනාඩි තිහක් හා සවස 4.00 සිට 6.00 දක්වා පැය 2ක විදුලි කප්පාදුවක් සිදුවේ.
එසේම අද (31දා) දිනයේදී පැය 13ක විදුලි කප්පාදුවක් සිදු වූ අතර, මේ නිසා ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත් වූ අතර බොහෝ කර්මාන්ත ශාලා කටයුතු පවා ඇනහිට තිබිණි.