ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය විම හේතුවෙන් දිවයින පුරා වැසි තත්වයේ වැඩි වීමක් හෙට (14) බලාගපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
සබරගමුව, මධ්‍යම, නැගෙනහිර, හා ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100ට වැඩි තද වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
නැගෙනහිර හා දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තු නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.