මෙවර යල කන්නයේ වගාකර ඇති හෙක්ටයාර් 61,075ක කීරි සම්බා වගාවෙන් අපේක්ෂිත අස්වැන්නමෙට්රික්ටොන් 248,000ක් බව යල කන්නයේ වී වගාවේ ප්රගතිය පිළිබඳ පැවති සාකච්ඡාවේදී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.
මීට අමතරව නාඩු (සුදු) හෙක්ටයාර් 263,122ක්, නාඩු (රතු) හෙක්ටයාර් 94,027ක්, සම්බා (සුදු) හෙක්ටයාර් 27,268ක්, සම්බා (රතු) හෙක්ටයාර් 3612.8ක්, සාම්ප්රදායික සහල් හෙක්ටයාර් 1034ක් වශයෙන් හෙක්ටයාර් 450,138ක වී වගා කර ඇති බවද එම සාකච්ඡාවේදී අනාවරණය විය.
පසුගිය සමයේ පැවති කීරි සම්බා සහල් හිඟයක් හේතුවෙන් ඒ සඳහා ආදේශක සහල් ආනයනය කිරීමට රජය තීරණය කළ අතර මෙවර යල කන්නයේදී කීරි සම්බා වී වැඩි කුඹුරු ප්රමාණයක වගා කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කරන ලදී.