ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව මේ වන විට හිස් විදේශ ගමන් බලපත්ර ප්රමාණය සීමිත වීම හේතුවෙන් විදේශ ගමන් බලපත්ර නිකුත් කිරීම සීමා කිරීමට සිදුව තිබෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඇණවුම් කර ඇති නව විදේශ ගමන් බලපත්ර තොගය ඔක්තෝබර් මාසයේදී හෝ ඊට පෙර ශ්රී ලංකාවට ලබා ගත හැකි වෙනු ඇති බවයි.
එසේම පසුගිය වසරේ නිකුත් කළ විදේශ ගමන් බලපත්ර අතරින් විදේශ ගත වීම් සිදුකර ඇත්තේ සියයට 23ක් තරම් අඩු ප්රමාණයකින් බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.