හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම සළකා බැලීමෙන් අනතුරුව බරපතළ වැඩසහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටින ඇය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.
2015 වසරේ දෙසැම්බර් 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම ඇතුළු චෝදනා 18කට වරදකාරිය කෙරුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර තුනක සිර දඬුවම් පසුගියදා නියම කර තිබුණා.
ඉන්ද්රමුර්ති ජයසූරිය