ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉවත් වන ලෙස සඳහන් කරමින් මහරගම සිට කොළඹ වෙත ගමන් කළ පාගමනකට නොසිතූ අවස්ථාවකදී පොලිස් නිලධාරියෙක් එක්විය.
මෙම සිදුවීම මේ වන විට සමාජ ජාල ඔස්සේ දැඩිව හුවමාරු වෙයි. තමන් පැමිණි යතුරු පැදිය ගාල් කර ඉන් අනතුරුව අරගලයට ජයවේවා යැයි සඳහන් කරමින් ඔහු විරෝධතාකරුවන් සමග එක්විය.