හිට්ලර්ගේ හා ගෝඨාභය රාජපක්ෂගේ සමානකම් දෙකක් ඇති බවට එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දුන්නේය.
‘සිරිකොත’දී අද (28දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසූයේය.
හිට්ලර් හා ගෝඨාභය රාජපක්ෂ යන දෙදෙනාම නිර්මාංශ ආහාර අනුභව කරන අතර, දෙදෙනාම ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා සිටින රටට පරිබාහිර රටක පුරවැසිභාවය හිමි වූවන් වන බවද හෙතෙම මෙහිදී පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකානු පුරවැසියෙකු වන්නා සේම හිට්ලර්ද ජර්මනියේ පාලනය සියතට ගත්තද ඔස්ට්‍රියානු පුරවැසියෙකුව සිටි බව කාරියවසම් මහතා මෙහිදී පැවසීය.
ශ්‍රී ලංකාවට අවංක ආදර භක්තියක් ඇත්නම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද හෝ නොවූවද හැකිනම් ඇමෙරිකානු පුරවැසිභාවයෙන් ඉවත්වී පෙන්වන ලෙසට තමන් ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග කර සිටින බවද වැඩිදුරටත් ඒ මහතා ප්‍රකාශ කළේය.
