ශ්‍රී ලංකාව තුළින් විස්සයි විසි දෙක වසරේ මිනීමැරුම් පන්සිය පනස් නමයක් විස්සයි විසිතුන වසරේ මිනිමැරුම් පන්සිය හැත්තෑ අටක් සිදු වී තිබෙන බවත් මෙය වළක්වා ගැනීමට නොහැකි පොලිස්පති වරයෙක් විෂය භාර ඇමතිවරයෙක් රටකට කුමකටද ඇයි අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුව භාරව සේවය කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා පැවසීය.
ජාතික ජන බලවේගයේ දඹුල්ල බස් නැවතුම්පොළ භූමියේ පැවති ජන හමුවකදී හිටපු නියෝජ්‍ය පොලිස්පතිෙරවී සෙනවිරත්න මහතා මේ බව සඳහන් කළේය.
රටේ ආරක්ෂාව සහ විශේෂයෙන් දඹුල්ලේ පවතින බරපතල අපරාධයන් පිළිබඳව ඒ මහතා සඳහන් කරන්නට විය
පසුගියදා අතුරුගිරිය ප්‍රදේශයේ මහා දවල් ටි 56 ගිනි අවි තුනක් රැගෙන පුද්ගලයන් මහ දවල් ඝාතනය කළ බවත් එවැනි ඝාතනයක් වළක්වා ගැනීමට නොහැකි වීම කණගාටු බව ඳහන් කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේ රටක මේ හා සමාන ඝාතන අපරාධ සිදුවන්නේ නම් වෙනත් රටකනම් මේ වන විටත් පොලිස්පතිවරයා සහ විෂය භාර අමාත්‍යවරයා ඉල්ලා අස්වන බවය.
විස්සයි විසි දෙක වසරේ මිනීමැරුම් පන්සිය පනස් නමයක් සිදුවී තිබෙන බවත් විස්සයි විසි තුන වසරේ මිනීමැරුම් පන්සිය හැත්තෑ අටක් සිදු වී තිබෙන බවත් පෙන්වා දෙන ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ලංකාවේ අපරාධයක අධිකරණයකින් වරදකරු කිරීමේ සම්භාවිතාවය සියයට හයක් බව ජනතාව නොදන්නා බවය.
දඹුල්ල නගරය මත්ද්‍රව්‍ය වලින් ගහනව පවතින බවත් පසුගිය දා නීති විරෝධී මත්පැන් පානය කොට පුද්ගලයන් හය දෙනෙකු මිය ගොස් තිබෙන බවත් පෙන්වා දුන් ඒ මහතා පිට පළාත්වලට ගොස් මිය ගිය පිරිස හඳුනාගෙන නැති බවද පෙන්වා දුන්නේය
දඹුල්ල නගරයේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක විවෘත වන මත්පැන් අලවිසැල් පවතින බවත් මිනී මැරුම් රැසක් සිදුව ඇතත් ඒවා නීතිය හමුවට ගෙන ඒමට පොලිසිය අපොහොසත් වී ඇති බවද පෙන්වා දුන්නේය
පොලිසිය යනු මහජනතාවගෙන් වැටුප් ලබන මහ ජනතාවගෙන් නඩත්තු වන ආයතනයක් බව පෙන්වා දුන් ඒ මහතා මෙම අපරාධ දවසින් දවසක් වැඩි වීම සිදුවන්නේනම් පොලිස් පති වරයෙක් ඇමැති වරයෙක් කුමකටදැයි ප්‍රශ්න කළේය .
හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා මෙම අදහස් පල කලේ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා වේදිකාවේ අසුන් ගෙන සිටියදීය .