වසර 20 ක කාලයකට අධික කාලයක් ගොවින් පිරිසක් වී ගොවිතැන් කල ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් අක්කර 9 කට ආසන්න කුඹුරු ඉඩම රස්නායකපුර පොලිස්ථානාධිපතිවරයාගේ මැදිහත් විමේන් කිසිදු අයිතියක් නොමැති ව්‍යාපාරිකයකුට කම්බි ගසා කොටුකර දීමට කටයුතු කිරීමට යාමේදි ගොවින් හා පොලිසිය අතර උණුසුම් තත්වයක් මතුවිමත් සමග ගොවීන් 7 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම කුඹුරු වල වසර 20කට වැඩි කාලයක් වී හා ධාන්‍ය ගොවිතැන් කළ මගුරන්කඩවල පදිංචිකරුවන් පිරිසක් බව කියයි.
මෙම මගුරන්කඩවල කුඹුරු යාය ගොවින් වසර 20 කට අධික කාලයක සිට වගාකරමින් සිටියදී එය අත්පත් කර ගැනිමට මෙම කුඹුරු යායට යාබද විශාල ඉඩමක් හිමි නිකවැරටිය හිටපු මන්ත්රිවයකු වන යූ.බි.වන්නිනායක මහතාගේ බැණනුවන් විසින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයදුම් කර තිබුණද මේ වන විට ඒ සඳහා කිසිදු අවසරයක් ලබා දී නොමැති බව කියයි.
ඒසේ තිබියදී රස්නායකපුර පොලිස්ථානාධිපතිවරයා හා තවත් පොලිස් නිළධාරින් දෙදෙනෙකු සමග ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ නිළධාරියකුද සමග අදාල හිටපු දේශපාලඥයාගේ බෑනාට අයත් ලැන්ඩ් කෑෂර් ජීප් රථයෙම පැමින ඇති බව ජනතාව පවසයි.
මෙම ඉඩම සම්බන්ධව ගැටළුකාරි තත්ත්වයක් පවතින අවස්ථාවක රස්නායකපුර පොලිස්ථානාධිපතිවරයා අදාළ ව්‍යාපාරිකයාගේ ජීප් රථයෙම පැමින මෙම නීති විරෝධි කටයුත්තේ නිරත වී ඇති බව ජනතාව චෝදනා කරති.
රස්නායකපුර පොලිස්ථානාධිපතිවරයා තවත් පොලිස් නිළධාරින් දෙදෙනෙකුද සමග පැමින අදාල ව්‍යාපාරිකයාට මෙම ඉඩමේ කම්බි ගැසිමටත් ඉන් පසුව ට්‍රැක්ටර් යොදා සී සැමටත් අවස්ථාව ලබා දෙමින් පොලිස් ආරක්ෂාව සපයා ඇති බව කියයි.
එහිදි එයට විරුද්ධ වු වසර 20 කට අධික කාලයක් මෙම මගුරන්කඩවල කුඹුරු යාය වගා කල ගොවින් පිරිස පොලිස්ථානාධිපතිවරයාට වැද වැටි මෙම කටයුත්ත නොකරන ලෙසට ඉල්ලා ඇතත් එය තුට්ටුවකට ගන්න නොගත් පොලිස්ථානාධිපතිවරයා අදාල ව්‍යාපාරිකයා රැගෙන ආ කුලි කම්කරුවන් දමා වැටවල් සැකසිමට හා සීසැමට යාමේදි උණුසුම් තත්වයක් මතුව තිබේ.
මෙම අවස්ථාව අවර්ණය කිරීමට ගිය මාධ්‍ය වේදියාටද හිටපු අදාල ව්‍යාපාරිකයා හා ඔහුගේ හිතවතේකු විසින් තර්ජනය කරමින් පහර දීමට තැත් කර තිබු අතර මෙම ගැටුමේදි මධ්‍ය වේදියාට අයත් උපකරණ වලටද හානි සිදුව තිබුනී.
එහිදි මෙම වගාකරුවන් හා පොලිසිය අතර දැඩි උණුසුම් තත්වයක් මතුව තිබුනී.එහිදි පොලිසිය විසින් පොලිස් රාජකාරියට බාධා කිරීම හා අයුතු ව ජනරාශියක් එකතු විම යන චෝදනා යටතේ මෙම ගොවින් පිරිස අත් අඩංගුවට ගැනිම සිදුව තිබේ.
අදාල ගොවින් නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනී.
මෙම තත්වය පිළිබදව තොරතුරු දැන ගැනිමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ සභාපතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනිම උත්සහ කලද එය නොහැකි විනි.
පසුව මේ පිළිබදව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ විධායක අධ්යක්ෂ හරිස්ක සමරනායක මහතාගෙන් කල විමසිමේදි පවසා සිටියෙ මෙවැන්නකී.
“එල්.ආර්.සී.ඉඩමක් කිසිම කෙනෙකුට බලෙන් අල්ලා ගන්න බැහැ .නමුත් වසර ගනනාවක් ගොවිතැන් කරලා තිබේනවානම් ඒ ගැන විශේෂ අවධානය යොමු කර ගොවිතැන් කල පිරිසකට ලබා දීමට හා ලබා ගැනිමට අදාල නීතිමය කටයුතු කරන්න හැකියාව තිබේනවා .
ඔය කියන විදිහට මෙම ඉඩමට කිසිම ලෙසකින් සම්බන්ධයක් නැති පුද්ගලයකුට මෙම ඉඩම ලබා දීමට කටයුතු කර තිබිම ගැටළුවක් ඒ නිසා නිසි සොයා බැලිමක් කඩිනමින් කරන්නම් යැයි ඔහු පැවසිය.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_5cf34890f6.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_e6dd0380c0.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_9df3b26604.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_a80500ed83.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_b5199501e3.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_1055cd7a26.jpg)