හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන මස මුල් සතියේදී නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඩේලි මිරර් පුුවත් සේ්වය පවසයි.
ඒ් අනුව ඔහු සැප්තැම්බර් 2 හෝ 3 යන දිනවල නැවත පැමිණීමට ඉඩ ඇති බවද එම පුවත් සේවය පවසයි.
හිටපු ජනාධිපතිවරයා යළි පැමිණීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මීට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කළ අතර ඉන් අනතුරුව රාජපක්ෂ මහතා යළි මෙරටට පැමිණීමට අවශ්‍ය කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා ඔහු අමතා ඇති බව වාර්තා වේ.