හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රැඳී සිටීමට තවත් සති දෙකක කාලයක් අවසර ලබාදීමට සිංගප්පූරු බලධාරීන් තීරණය කළ බව වාර්තා වේ.
ඒ අනුව අගෝස්තු මස 11දා තෙක් එරට රැඳී සිටීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවසර හිමිවී තිබේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජූලි මස 14දා මාලදිවයිනේ සිට සෞදි ගුවන් සේවයට අයත් යානයකින් සිංගප්පූරුව වෙත ගියේය.