හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති පොලිස් නිලධාරින් වෙනුවෙන් පමණක් වාර්ෂිකව රුපියල් මිලියන 1100ක් පමණ වැය වන බවත් එයින් තුනෙන් එකක් පමණ එනම් රුපියල් මිලියන 326ක්ම වැය වන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාවට යොදවා ඇති පොලිස් නිලධාරින් සංඛ්‍යාව අඩු කළේ රජය විසින් පත්කළ කමිටුවේ නිර්දේශ අනුව බවත් එහිදි හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිලධාරින් 60ක් පමණ සේවයේ යෙදවිම ප්‍රමාණවත් බවත් පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව අඩු කිරිම මගින් ඔහුගේ ආරක්ෂාව කිසිම ආකාරයකින් බිඳ වැටි නොමැති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.