කොළඹ සිට හික්කඩුව දුම්රිය ස්ථානය වෙත පැමිණ එහි නවතා තිබූ ශීඝ්‍රගාමී දුම්රියෙන් රුපියල් කෝටියකට අධික විදුලි රැහැන් බ්‍රහස්පතින්දා අලුයම සොරකම් කර ඇති බව දුම්රිය ආරක්ෂක බළකාය භාර නියෝජ්‍ය අධිකාරී ජී.ඩබ්ලිව්. සුමිත් මහතා පැවසුවේය.
මෙය හොඳින් සැලසුම්කර සිදුකරන ලද සොරකමක් බවත් විදුලි පරිපථ පිළිබඳ මනා අවබෝධයක් ඇති හුරුපුරුදු පුද්ගලයින් විසින් මෙය සිදුකර ඇති බවට බලධාරීන් සැක පළ කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසියේ අපරාධ විමර්ශන අංශය මේ වන විට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.