අද (21දා) රාත්‍රී 11 සිට 25 දා අලුයම 4 තෙක් දිවයින පුරා සංචරණ සීමා පැනවීමට රජය තීරණය කර ඇති හෙයින් ජනතාව තමන්ට අවශ්‍ය ද්‍රව්‍ය මිලදි ගැනීම වෙනුවෙන් නගර වෙත පැමිණෙමින් සිටියි.
අද ඔත්තේ දිනයක් හෙයින් තම නිවසින් එළියට පිවිසිය හැක්කේ හැඳුනුම්පතේ ඔත්තේ අංක අවසානයට ඇති පුද්ගලයන්ට පමණි.
කෙසේ වෙතත් මේ පිළිබඳව ගණන් නොගෙන ජනතාව විශාල වශයෙන් නගර වෙත ඇදී එමින් සිටියි.
මේ අතර ඇතැම් නගරාශ්‍රිතව රථ වාහන තදබදයක්ද නිර්මාණය වී තිබේ. මේ අනුව පොලිස් නිලධාරීන්ට හැඳුනුම්පත් අංක පරීක්ෂා කිරිම වෙනුවට රථ වාහන හැසිරවීමට සිදුව තිබේ.
බැංකු, සුපිරි වෙළඳැ සැල්, වෙළඳසැල්, මස් මාංශ අලෙවි සල්, වයින් හල්, එළවළු අලෙවි කරන ස්ථාන ආශ්‍රිතව ජනතාව ඒකාරාශිවෙමින් පවතී.
හැටන් නගරයේ ඡායාරූපයක් - ඡායාරූප හැටන් රංජිත් රාජපක්ෂ

හෝමාගම නගරය





