හෝමාගම සති පොළෙහි වෙළඳාම් කරමින් සිටි පළතුරු වෙළෙන්දෙකු එක්වරම බිම ඇද වැටී සිදුවූ අසාත්මික තාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව (26) දා ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂිකා මානෙල් ගමගේ මහත්මිය විසින් සිදුකළ අතර පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය පනීත සෙනෙවිරත්න මහතා විසින් සිදු කරන ලදී.
එහිදී ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවට අනුව මියගිය පුද්ගලයාට වැළඳී තිබූ ක්ෂය රෝගී තත්ත්වය හා නිව් මෝනියා තත්ත්වය මරණයට හේතුව බවට හදිසි මරණ පරීක්ෂිකා සාමවිනිසුරු මානෙල් ගමගේ මහත්මිය නිගමනය කළාය.
තවදුරටත් තීන්දුව ප්‍රකාශ කරමින් හදිසි මරණ පරීක්ෂිකා කියා සිටියේ මියගිය පුද්ගලයාට ක්ෂය රෝගය වැළඳී ඇති බවට අනාවරණය වී ඇති නිසා නිවසේ වාසය කරන කුඩා දියණිය ඇතුළු ඥාතීන් හැකි ඉක්මනින් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ලවා වෛද්‍ය පරීක්ෂණයක් සිදු කරගන්නා ලෙසටයි.
මත්තෙගොඩ ශාන්ත ප්‍රදීප්