දිවයිනේ ඇතැම් ප්‍රදේශවල නාඩු, සම්බා සහල් සහ පොල් හිඟයක් ඇති වී තිබෙන අතර, හිඟයට සාපේක්ෂය පොල් සහ සහල් මිල විශාල ලෙස ඉහළ ගොස් තිබේ. ඇතැම් ප්‍රදේශවල පොල් ගෙඩියක මිල රුපියල් දෙසියය දක්වාත්, නාඩු සහ සම්බා සහල් කිලෝවක මිල රුපියල් දෙසිය පනහක් දක්වාත් ඉහළ ගොස් ඇත.
නාඩු හා සම්බා සහල්වලට අමතරව, රතු කැකුළු හා සුදු කැකුළු සහල් හිඟයක්ද නිර්මාණය වී තිබෙන අතර, මේ නිසා එම සහල් වර්ගවල මිල පවා යම් යම් ප්රමාණයවලින් ඉහළ ගොස් තිබේ.
රජයේ පාලන මිලට අනුව නාඩු සහල් කිලෝවක් රුපියල් 220කට හා සම්බා කිලේවක් රුපියල් 230කට අලෙවි කළ යුතු වේ.
කිලෝ 05 බෑග් වශයෙන් සකස් කර අලෙවි කළ නාඩු හා සම්බා සහල් මිලදී ගැනීමට බොහෝ ස්ථානවල නොමැති අතර, සහල් සිල්ලරට අලෙවි කරන බොහෝ ස්ථානවල තමන්ට හිතවත් පිරිස්වලට පමණක් වැඩි මුදලට සහල් ලබාදීම් සිදුකරනු ලබයි.
සහල් හිඟයක් ඇති විය හැකි බවට අනුමාන කර සමහර පිරිස් සැලකිය යුතු සහල් ප්‍රමාණයක් නිවෙස්වලට රැගෙන ගොස් තිබෙන බවද ව්‍යාපාරිකයෝ සඳහන් කරති.
සමහර ප්‍රදේශවල පොල් ගෙඩියක මිල රුපියල් දෙසියය දක්වා ඉහළ ගොස් තිබෙන අතර, සමහර ප්‍රදේශවල රුපියල් දෙසියයකටවත් මිලදී ගැනීමට පොල් නොමැති බව ජනතාව සඳහන් කරති