වර්ෂාවත් සමග හමාගිය සුළගින් 21දා හලාවත පුත්තලම ප්රධාන මාරගයේ ආරච්චිකට්ටුව හැළඹවටවන පාසල ඉදිරිපිට තිබූ රූස්ස මාරගස මාරගයට ගැලවී වැටීමෙන් පැය 3ට අධිකකාලයක් මාරගය අවහිරව ගමනාගමනයට බාධා ඇතිවිය.
වහාමක්රියාත්මක වූ ප්රදේශවාසීන් මාරග සංවරධන අධිකාරිය ඒමස්ථානයට පැමිණීමටත් පෙර ඒම මාරගසේ කොටස් ඉවත් කරනු ලැබූහ. මේ සඳහා ප්රධානත්වය දැරු ආරච්චිකට්ටුව ප්රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා මහතා ඇතුළු පිරිසට සහ ආරච්චිකට්ටුව පොලීසියට මාර්ගය භාවිතා කරන්නා වූ සියලු දෙනාගේ ස්තුතිය හිමි විය.
මෙමගසා කඩා වැටුන අවස්ථාවේදී පාසල පැවැත්වූ දිනයක් වූවානම් හෝ රථවාහන ගමන් කළානම් මෙයිට වඩා විනාශයක් අපට දැකගත හැකිවන බව කාගේත් මතයයි. (I J )
ලලිත් නවරත්න