රට මේ වන විට මුහුණ දෙන තත්ත්වයෙන් ගොඩඒමට නම් පාර්ලිමේන්තු මන්ත්රී, ආචාර්ය හර්ෂද සිල්වා මහතා ජනපතිධුරයට පත්කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු මහතා පවසයි.
හර්ෂ ද සිල්වා මහතා ආර්ථික විශේෂඥයෙක් බවත් ඔහු මාවතක් ගොඩ නගනු ඇති බවත් හරීන් ප්රනාන්දු මහතා පැවැසීය.
තරුණ තරුණියන්ගේ සිතුම් පැතුම් පිළිබඳව හර්ෂ ද සිල්වා මහතාට දැනීමක් ඇති බවද ඔහු පැවැසීය.
එසේම තවමන් වසරක කාලයක් පාර්ලිමේන්තු මන්ත්රී වැටුප ලබා නොගෙන ආදර්ශයක් ලබා දෙන බවත් පාර්ලිමේන්තු ආපන ශාලාවෙන් ආහාර ලබා නොගන්නා බවත් ඔහු පැවැසීය.
ජනතා ඉල්ලීම්වලට සවන් නොදුන හොත් ජනතාව නුදුරේදීම පාර්ලිමේන්තුව වටලනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.