තමන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සහ සළිඳු මල්ෂිත හෙවත් කුඩු සලිදු නමැත්තන් ගොනු කෙකාට ඇති පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බව ඔවුන්ගේ නීතීඥවරු අද (11) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සැකකරුවන් වහාම අධිකරණයක් හමුවට ඉදිරිපත් නොකළහොත් මාකඳුරේ මදුෂ්ට අත්වූ ඉරණම ඔවුන්ටත් අත්විය හැකි බවත් ඔවුන්ගේ ජීවිත අනතුරේ බවත් පවසමින් ගොනු කොට තිබු රිට් පෙත්සම් කැඳවු අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා ඒ බව දැනුම් දුන්නේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා හමුවේ පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී ඒ බව දැනුම් දුන්නේය.
මෙම පෙත්සම් කැඳවනු ලැබු අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට තම සේවාදායකයින් සුදානම් යැයි කීය.
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා කරුණු දක්වමින් පෙත්සම්කරුවන්ට පනවා ඇති රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් තීරණයක් ගෙන නැතැයි කීය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලු අභියාචනාධිකරණය ඔක්තෝම්බර් 25 වැනිදා මෙම පෙත්සම් යළි කැඳවීමට නියම කළ අතර මෙම කරුණු එදින අධිකරණයට දැනුමම් දෙන ලෙස දෙපාර්ශවයටම නියම කළේය”