ඉදිරියේදී මෙරටට හයිඩ්‍රොෆ්ලෝරෝකාබන් (HFCs) ආනයනය කරන්නන් තමන්ට ලබා දෙන එම කෝටාව තීරණය කිරීම සඳහා අනිවාර්යයෙන් පරිසර අමාත්‍යාංශයේ ලියාපදිංචි විය යුතු බව පරිසර අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ලියාපදිංචි නැති කිසිම ආයතනයකට හෝ පුද්ගලයන්ට කිසිම කරුණක් සඳහා මෙරටට හයිඩ්‍රොෆ්ලෝරෝකාබන් (HFCs) ආනයනය කිරීම තහනම් බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.
වායු සමීකරණ හා ශීතකරණ යන්ත්‍ර සඳහා මෙරට හයිඩ්‍රොෆ්ලෝරෝකාබන් (HFCs) භාවිතා කරයි.
ඕසෝන් ස්ථරය ක්ෂය කරන ද්‍රව්‍ය පිළිබඳව මොන්ට්‍රියල් සන්ධානයේ සාමාජික රටක් ලෙස 1989 සිට ශ්‍රී ලංකාවේ හයිඩ්‍රොෆ්ලෝරෝකාබන් (HFCs) පරිභෝජනය සීමා කිරීම හා ක්‍රමානුකූලව අඩු කිරීමට ඇති කරගත් එකගතාවය මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගැනීම මත මේ නව වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.
මොන්ට්‍රියල් සාමාජික රටවල හයිඩ්‍රොෆ්ලෝරෝකාබන් (HFCs) පරිභෝජනය සඳහා උපරිම සීමාව පාවිච්චි කරන ස්ථාවර පාදක අගයක් අනුව තීරණය කරනු ලැබේ.
මේ අනුව පරිසර අමාත්‍යාංශය විසින් මෙම වසරේ සිට සුදුසු ව්‍යාපාරික ආයතන හා පුද්ගලයන් අතර වාර්ෂික හයිඩ්‍රොෆ්ලෝරෝකාබන් (HFCs) කෝටාව බෙදා හරිනු ලබේ.
ඒ අනුව මෙම වාර්ෂික කෝටා ලබා ගනීමට කැමති ආයතන හා පුද්ගලයන් පරිසර අමාත්‍යාංශයේ ලියාපදිංචි විය යුතුය .
එලෙස ලියාපදිංචි නොවන කිසිම කෙනෙකුට කිසිදු කටයුත්තක් සදහා HFCs ආනයනය කිරීමට සුදුසුකම් නොලබන බව පරිසර අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරයි.
ලියාපදිංචිය ඉල්ලුම් කිරීම සඳහාවූ අයදුම්පත නිසිලෙස පුරවා මැයි 07 දිනට පෙර මේ පරිසර අමාත්‍යාංශය වෙත ලබාදිය යුතු බවත් අයදුම්පත් වල සඳහන් තොරතුරු අනුව ඉල්ලුම් කරුවන්ට අවශ්‍ය කෝටා ප්‍රමාණය තීරණය කරන බවත් පරිසර අමාත්‍යාංශය පවසයි'
ජේ. ඉඳුරුවගේ