හම්බන්තොට වරාය යුදමය කටයුතු වෙනුවෙන් භාවිත කිරීම සඳහා චිනයට අවසර දි නොමැති බව ජනපති රනිල් වික්රමසිංහ මහතා පැවැසීය.
ජපානයේ Yomiuri Shimbun පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ. යුවාන් වැංග් 5 නෞකාව පර්යේෂණ නෞකාවක් බවත් ඒ අනුව එම නෞකාවට හම්බන්තොටට පැමිණීමට අවසර දුන් බවත් ඔහු සඳහන් කළේය.
"මේ නෞකාව යුදමය නෞකාවක් නෙමෙයි. ඒක පර්යේෂණාත්මක නෞකාවක්. ඒ නිසයි අපි එයට හම්බන්තොට එන්න ඉඩ දුන්නේ" යැයි ඔහු පැවැසීය.