හම්බන්තොට ජාත්‍යන්තර වරායට වාහන රැගෙන යාමට කොළඹ ඇතුළු පිටස්තර දිස්ත්‍රික්ක වල පැමිණෙන පිරිස් තම ගම්මාන තුල සැරිසැරීම තුළින් තම ගම්මාන තුළ සිටින ජනතාවද අවධානමකට ලක්වන බව පවසමින් අද (09) පෙරවරුවේ හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ ජනතාව හම්බන්තොට වරාය පිවිසුම් දොරටුව අබියසදී ඒ සදහා විරෝධය පෑම හේතුවෙන් නොසන්සුන්තාවයක් ඇති විය .
ගම්වාසීන් පවසා සිටින්නේ එන පිරිස් මාර්ගය දෙපස වාහන නතරකර වරායට වාහන් රැගෙන යාමට පෙර ගම්මානය සැරිසැරීම නවත්වන ලෙසත් ඒ සදහා එන වාහන සියල්ලට වරාය තුළම වාහන ගාල් කිරීමේ පහසුකම් සලසා තම ගම්මානය තුල වාහන නතර කිරීම නවත්වන ලෙසයි .
එමෙන්ම පිටස්තර දිස්ත්‍රික්ක මගින් පැමිණීමට රාජ්‍ය අංශ මගින් බලපත්‍ර ලබා දීමද ගැටලුවක් බවද ප්‍රදේශයේ ජනතාව චෝදනා කරති . කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා හම්බන්තොට මුලස්ථාන පොලීසියේ ස්ථානාධිපතිවරයා පැමිණි අතර ඔහු කියාසිටියේ ඉදිරියේදී වරායෙන් වාහන රැගෙන යාම වෙනුවෙන් පැමිණෙන පිරිස් වෙත තම වාහන ගාල් කිරීම වරාය තුළම පහසුකම් සැලසීමට අදාල බලධාරීන් දැනුවත් කරන බවයි .
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි