හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පි සුමණසේකර මහතා අද (15දා) සිට හදිසියේම හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් අධිකරණ,රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ස්ථාන මාරුකර කර එම තනතුර සඳහා දකුණු පළාත් අමාත්‍යංශ ලේකම්වරයෙකු ලෙස කටයුතු කරමින් සිටි අයි බි අයි ,සිල්වා මහතා පත්කර තිබේ.
මැතිවරණ කොමිසන් සභාව විසින් කරනු ලැබූ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන පසුගිය 14 දා ගනු ලැබූ කැබිනට් මණ්ඩල තීරණයකට අනුව මෙම ස්ථානමාරුව සිදුකොට තිබේ මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගෙන් අපකළ විමසීමකදී ප්‍රකාශ කර සිටියේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් ඇතිවියහැකි භාදාවක් වලක්වා ගැනීම සැලැකිල්ලට ගෙන එම ඉල්ලීම සිදුකළ බවයි.
මේ සම්බන්දයෙන් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී සුමණසේකර මහතාගෙන් කලවිමසිමක දි ඒ මහතා කියා සිටියේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් වශයෙන් නව පත්විමක් ලබාදීමට කැබිනට් මන්ඩලය තිරණය කර ඇති බව දහවල් ජනමාධ්‍ය යෙන් තමා දැනගත් බවයි.
ඒ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහ මැතිවරණයේ නාමයෝජනා භාරගත් තේරීම්භාර නිළධාරිවරයාද වන අතර එම මහ මැතිවරණය පැවැත්වෙන කාලසීමාවේ දි සිදුකර ඇති මෙම හදිසි ස්ථාන මාරුවිම සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිළධාරිහු සිය විමතිය පලකර සිටිති.