පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ හඳපාන්විල විල්ලුවේ තිබී මියගිය වන අලි හත් දෙනෙකුගේ සිරුරු වල පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (27) දින සිදු කෙරිණි.
මේ අනුව හඳපාන් ඉල්ලු රක්ෂිතයට අයත් සොරුවිල ප්‍රදේශයේ වනාලි තිදෙනෙකුගේ මල සිරුරුවල පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකර අවසන්ව ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ මෙම වන අලි තිදෙනාම මඩෙහි එරී ජලය පෙවීමෙන් මියගොස් ඇති බවය.
ඔඩේ ඇලේ ස්ථාන කිහිපයක මඩේ එරී සිටි මෙම අලි 7දෙනාගේ සිරුරු වනජීවි නිලධාරීන් විසින් පෙරේදා සහ ඊයේ යන දෙදින තුළ සොයා ගෙන ඇති අතර වන අලි අනෙක් හතර දෙනාගේ මරණ පරීක්ෂණ කටයුතු මේ වන විට සිදු කරමින් පවතී.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 8ත් 10ත් අතර වයසේ පසුවන අලි පැටවුන් පස් දෙනෙකු සහ අවුරුදු 30ත් 35ත් අතර වයසේ පසුවන වන අලින් දෙදෙනෙක් බවට සැලකේ.
වනජීවි නිලධාරීන් පවසන්නේ ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ සැරිසරන වනඅලි රංචුවක් ඕඩේ ඇළ හරහා මාරුවීමට යෑමේදී සැඩපහරට හසුවී ගසාගෙන ගොස් මඩෙහි එරී මිය යන්නට ඇති බවය.
පොළොන්නරුව ගිරිතලයේ වනජීවී පශුවෛද්‍ය ඒකකයේ නිලධාරීන් විසින් මෙම මරණ පරීක්ෂණ කටයුතු සිදු කරයි.