සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සඳහා රුපියල් මිලියන 31.08 මුදලක් වැය කරමින් ස්ථාපිත කර තිබූ සේවකයන්ගේ සේවය වාර්තා කිරීම සඳහා තිබූ ඇඟිලි සලකුණු යන්ත්‍ර 213 ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රීය ව තිබූ බව ජාතික නිගමන කාර්යාලය මගින් නොවැම්බර් මස 16 වන දින නිකුත් කොට ඇති නවතම විගණන වාර්තාවකින් අනාවරණය වේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති ලිපියකට අනුව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පැමිණීම සහ පිට වී සනාථ කර හැකි පරිදි ඇඟිලි සකුණු යන්ත්‍ර 2017 වර්ෂයේ ජූලි මස 01 වන දින ක්‍රියාත්මක නොකරන්නේ නම් වර්තමාන වැටුපට අනුව අතිකාල දීමනා නොගෙවීමට වග බලා ගත යුතු බවට දන්වා සිටිමි.
2023 වර්ෂයේ ජනවාරි මස සිට සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අතිකාල හා නිවාඩු දින වැටුප් වෙනුවෙන් රුපියල් මිලියන තිස් අට දහස් දෙසීය තිස් හයයි සත අසූ තුනක මුදලක් 38,236,83 ක මුදලක් ගෙවා තිබුණි. අතිකාල හා නිවාඩු දින වැටුප් වෙනුවෙන් වැය කොට තිබූ මුලු මුදල වැටුප් පිරිවැයෙන් 72% ක් බවද එම විගණන වාර්තාවේ සඳහන් වේ.
මේ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විගණනයට සඳහන් කොට ඇත්තේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ ප්‍රකාරව ඇඟිලි සලකුණු යන්ත්‍ර සේවකයන්ගේ සේවයට වාර්තා කිරීම සඳහා භාවිතා කළ යුතු බවට උපදෙස් ලබා දෙමින් අභ්‍යන්තර චක්‍රලේඛයක් හා පොදු ලිපියක් නිකුත් කර ඇති නමුත් වෘත්තිය සමිති විරෝධතා හේතුවෙන් මෙතෙක් එය ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයට ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බවත් ය.