සේනානායක සමුද්‍රයේ ජලපෝෂක ප්‍රදේශය වන මොනරාගල බිබිල දොරපොතකන්ද ප්‍රදේශයට මේ දිනවල ඇදහැලෙන වර්ෂාවත් සමඟ මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි ඉගිණියාගල සේනානායක සමුද්‍රය ජනවාරි (02) වෙනිදා වන විට ජලයෙන් පිරී වාන් දැමීමට ආසන්නව පවතින බව වාරිමාර්ග නිලධාරීහු පවසති.
සේනානායක සමුද්‍රයේ ජලධාරිතාව අක්කර අඩි 7,70, 000 වන අතර මේවන විට එය අක්කර අඩි 6,13,200 ලඟාවී ඇත. ජල මට්ටමේ උස අඩි 101.20 වන අතර උපරිම මට්ටම 110 කි.අඩි 104 වන විට ජලාශයේ ගේට්ටු විවෘතකිරීමට නියමිතය.
සේනානායක ජලාශය යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර එක්ලක්ෂ විසිදහසක මහ කන්නයේ වී වගාකෙරේ.
පසුගිය වසරේ ඇදහැළුණු මහ වැස්සත් සමඟ වගාවන්ට හානි සිදුවූ අතර ඇලවේලි සහ පිටවාන ස්ථාන 751 කින් කැඩී බිඳී ගොස් තිබූ අතර මේ වන විට රුපියල් මිලියන 15 වැයකර ඒවා පිළිසකර කර තිබේ.
මොණරාගල සුමනසිරි ගුණතිලක