මෙරට තුළ ඉදිරි සති කිහිපයේදී උද්ගත වීමට නියමිත ඔමික්‍රෝන් ව්‍යාප්තියෙහි තීරණාත්මක කාලය පාලනය කර ගැනීමට නම්, කෝවිඩ් මර්දන එන්නතෙහි බූස්ටර් මාත්‍රාව ලබා නොමැති සියලු පුද්ගලයන් කඩිනමින් එය ලබා ගත යුතු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අවධාරණය කරයි.
එහි අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පෙන්වා දෙන්නේ කෝවිඩ් ප්‍රභේදවලට එරෙහි කණ්ඩායම් ප්‍රතිශක්තිය රටක් ලෙස වර්ධනය කර ගැනීමට නම් ජනගහණයෙන් 60%-65%ත් අතර ප්‍රමාණයක් පූර්ණ එන්නත්කරණයට ලක්විය යුතු බවයි.
ඒ අනුව සාමාන්‍ය තත්ත්වය යටතේ ඇතිවිය හැකි සුළු සංකූලතා පිළිබඳ බිය නොවී බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට සුදුසුකම් ඇති සියලු පුද්ගලයන් එය ලබා ගැනීමට කටයුතු කරන ලෙස හෙතෙම ඉල්ලා සිටී.