ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍ර දේශය ආශ්‍රිතව වර්ධනය වී ඇති පීඩන අවපාතය පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ.
මෙම පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතය් බවට පත්වී ඊට පසුව එළැඹෙන පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම සුළි කුණාටුව බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර මඩකලපුව හා මුලතිව් අතරින් ශ්‍රි ලංකාවේ නැගෙනහිර වෙරළට බදාදා සවස් කාලයේදී ඇතුළුවීමට අවස්ථාව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_64f8d013d4.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_69a96a1ba7.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_5144f7c0b7.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_b7bb0522b4.jpg)