පුර්ව රෝහල් ප්‍රතිකාර හා හදිසි රෝගි ප්‍රතිකාර සේවාවන් කඩිනමින් සලසා දීම සඳහා 2016 වසරේ දි ඉන්දිය රජයේ ප්‍රදානයක් යටතේ ඉන්දියාවේ පිහිටි TATA Sons (Pvt) Ltd ආයතනයෙන් ලබාගත් ගිලන් රථ 297ක් යොදාගෙන “1990 සුවසැරිය පදනම”ආරම්භ කර ඇත.
ශ්‍රි ලංකා රජයෙන් ලබා දුන් ගිලන් රථ 25 ක් ද ඇතුළුව මේ වන විට ගිලන් රථ 322ක් මේ සදහා යොදා තිබේ.සුව සැරිය පදනමේ ඉලක්ක අනුව, කඩිනමින් සේවය ලබා දිම සදහා ගිලන් රථ 450 ක් හා උපස්ථ ගිලන් රථ 25ක් අවශ්‍ය බවත් දැනට ගිලන් රථ 150ක හිඟයක් ඇති බවත් හඳුනා ගෙන ඇත.ඒ අනුව TATA Sons (Pvt) Ltd ආයතනය විසින් ගිලන් රථ 50ක් නොමිලේ ප්‍රදානයක් වශයෙන් ලබාදීමටත්, ආසියානු සංවර්ධන බැංකුව විසින් ගිලන් රථ 45ක් ප්‍රදානයක් වශයෙන් ලබාදීමටත් එකඟතාව පළ කර තිබේ.
ඒ අනුව එකී “1990 සුවසැරිය පදනම”වෙත ලබා ගැනීම පිනිස අවශ්‍ය පියවර ගැනිම සඳහා සෞඛ්‍ය අමාත්‍යතුමාගේ ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.