ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහත් පත් කර ගැනිමට ශ්‍රී ලාංකේය ජනතාව තීරණය කර තිබේ. මෙවර මැතිවරණයේදී කිසිම අපේක්ෂකයෙකුට පළමුවර සියයට50 ඉක්මවා යන ඡන්දයක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් දෙවැනි මනාපය ගණනය කිරිමට සිදුවිය.දෙවැනි මනාපයද ගණන් කිරීමෙන් අනතුරුව එම අගයන් පළමු අගයට එකතු කිරීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ මීළඟ ජනපතිවරයා ලෙස තේරී පත්විය.
මෙවර ජනපතිවරණයේදී සුවිශේෂී කරුණු කිහිපයක්ම සිදුවිය. ඒ ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනපතිවරණයකදී මනාප ගණන් කිරීමට සිදුවීමය.
එසේම ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනපතිවරණයක් සඳහා ඉදිරිපත් වූයේ තෙවැනි අවස්ථාවට වන අතර එමඅවස්ථා තුනේදීම ඔහු පරාජයට පත්ව තිබේ.
එසේම පසුගිය ජනපතිවරණයේදී සියයට 3ක ඡන්ද ප්‍රතිශතකයක් ලබාගත ජාතික ජන බලවේගය මෙවර සියයට 42කට අධික ඡන්ද ප්‍රතිශතකයක් ලබා ගැනීමට සමත්වීම කැපී පෙනෙන කරුණක් වෙයි.