ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳ සලක් තුළ දී තරුණියකට වටකර අමානුෂික අයුරින් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණියන් සිව් දෙනෙක් ඇතුළු හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.
මෙලෙස පහර දී ඇත්තේ බොරැල්ල කොටා පාරේ සුපිරි වෙලද සැලක් තුළ දී ය.
පහර කෑ තරුණිය ඉකුත් 18 වෙනිදා එම වෙළඳසැල තුළින් චොකලට් සොරකම් කිරීමේ සිද්ධියක් මුල් කරගෙන මෙම පහරදීම සිදුකර ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පහර කෑ තරුණිය තම හැඳ සිටි ටී ෂර්ට් එක ගලවා කිසියම් වූ තියුණු ආයුධයකින් අත කපාගෙන එම ස්ථානයෙන් පළා ගොස් තිබිණි.
අදාළ පහරදීම සම්බන්ධයෙන් එම සුපිරි වෙළඳසැලේ ම සේවකයකු අදාළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාලාවල කිරීමෙන් අනතුරුව එය සමාජය අතර දැඩි ආන්දෝලනයට ලක්වූ අතර ඒ සම්බන්දෙන් පොලිසියට දැඩි දෝෂාරෝපණ එල්ල විය.
පහර කෑ තරුණිය මීට පෙරද වැලිකඩ කොල්ලුපිටිය හා කොහුවල සුපිරි වෙළඳසැල් වලින් භාණ්ඩ සොරා ගැනීම සම්බන්ධයෙන් චෝදනාවට ලක් වූ අයිස් මත්ද්‍රව්‍ය පානයට දැඩිව ඇබ්බැහි තැනැත්තියක් බවත් පොලිසිය කියයි
එම තරුණිය 25 හැවිරිදි බොරැල්ල මැගසින් පාර පදිංචිකාරියකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් හැටන් දෙහිඅත්තකණ්ඩිය නොර්වුඩ් පදිංචිකරුවන් ය.
තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිතය.
බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ප්‍රියදර්ශන විතානගේ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.