සුපරි වෙළඳසැල් හා ඖෂධහල් විවෘත කිරිම සීමා කරයි
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවේස්වලට බෙදා හැරීම සඳහා දිවයිනේ පිහිටි වෙළඳසැල්වලට අවසර දී ඇති වුවද එම වෙළඳසැල් විවෘත කර පාරිභෝගිකයන්ට භාණ් විකිණීමට කටයුතු කරන බවව වාර්තා වී ඇති බැවින් වහාම එම වෙළෙඳසැල් වසා දැමීම සඳහා පෙලිස්පති විසින් සියලුම පොලිස් ස්ථනාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
නැවත දැනුම්දෙනතුරු රජයේ ඔසුසැන් හැර අනෙකුත් සියලුම ඖෂධහල් වහාම ක්‍රියාත්මක වන පරිදිවසා දැමීම සඳහාද ලෙිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දී ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසීය.
එසේම ඖෂධහල් මගින් ඖෂධ නිවෙස්වලට බෙදාහැරීම සඳහා ඉඩ ලබා දී ඇති බවද පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.