පානදුර නගරයේ සුපිරි රෙදිපිළි වෙළඳ සැලක් කඩා රුපියල් ලක්ෂ 26 ක් පමණ වටිනාකමකින් යුතු නිමි ඇදුම් සොරකම් කල අඹුසැම් යුවලක් අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ප්රදේශයේ පදිංචි 43 සහ 37 හැවිරිදි අඹුසැම් යුවලක් බව පොලිසිය කීය.
සැකකරුවන් කාලයක පටන් සූක්ෂම ලෙස සුපිරි වෙළඳ සැලේ පිටුපස ජනේලයක් කඩා ඇතුළුව නිමි ඇදුම් සොරකම් කර ඇති බවද පොලිසිය කීය.
සැකකරුවන් පානදුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි .
ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර මහතා ගේ ප්රධානත්වයෙන් පොලිස් පරීක්ෂක සුරංග රණවීර , සැරයන් ලාල් (18397), කොස්තාපල් වරුන්වන නාලක (76009) සහ දේවින්ද (102154) වැටලීමට එක්වූහ.
පානදුර සුමිත් පොතුපිටිය /පානදුර සමන් කාරියවසම්