හික්කඩුවේ දෙස් විදෙස් සංචරකයන්ගේ ආකර්ශණීය ස්ථානයක් ලෙස හදුන්වන හික්කඩුව පන්නන්ගොඩ දැකුම් කළු වෙරළ තීරය ආසන්නයේ දැනට සතියකටත් වැඩි කාලයක් තිස්සේ සිට ගොඩ ගසා ඇති කසළ කන්දයි මේ.
නිවාඩුවකට විවේකයෙන් සිටීමට දෙස් සංචාරයකන් මෙන්ම විදෙස් සංචාරකයන් වැවශයෙන් පැමිණීමට කැමැත්තක් දක්වන මේ වෙරළ තීරය ආසන්නයේ මෙසේ ගොඩ ගසා ඇති කසළ කන්ද නිසා ඔවුහු දැඩි අසීරුතාවයට පත්වී සිටිති.
මේ කසළ කන්දෙන් හමන දුර්ගන්ධයෙන් ඒ පළාතම ගද ගසන බව සංචාරකයන් මෙන්ම ප්රදේශවාසීන් ද කියති.
මේ කසළ කන්ද අලුත් අවුරුදු දිනවල සිට මේ තාක් තිබෙන බවත් මෙය තමන්ට ඉමහත් කරදරයක් බවත් ඔවුහු කියති.
සුසිල් ප්රියන්ත