ගලේවෙල බෙලිගමුව ප්රදේශයේදී 21 උදේ යතුරුපැදියක් සුනඛයෙකුගේ හැපී යතුරුපැදිය කානුවකට පෙරලි අඹුසැමි යුවලක් මියගොස් වයස අවුරුදු එකහමාරක පුතෙකු තුවාල ලබා ඇතිබව ගලෙවෙල පොලිසිය කියයි.
අනතුරකින් මියගොස් ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය ප්රදේශයේ පදිංචි ජගත් කුමාර පියතිස්ස 31 හා අහිංසා අබේරත්න 28 යන දෙන්නකු බවත් තුවාල ලබා සිටින දරුවා දඹුල්ල රෝහලේ ප්රතිකාර ලබන බවද පොලිසිය කියයි.
අනතුර සිදුවූ ස්ථානයේ සුනඛයාද මියගොස් තිබුණු අතර යුවල දෙහිඅත්තකන්ඩියේ සිට කුරුණෑගලට විදෙස් ගමන් බලපත්රයක් සැකසීම සදහා ගමන් කර ඇතිබව පොලිසිය පැවසිය.
ගලේවෙල බෙලිගමුව ප්රදේශයේදී මාර්ගය භාරහා ගමන් කල සුනඛයෙකු යතුරුපැදියේ ගැටීමෙන් එය පාලනයෙන් ගිලිහි මාර්ගයෙන් ඉවතට පෙරලි ගොස් අසල තිබු ඇළකට පෙරලි යාමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි ගලේවෙල පොලිසිය කරන ලද මුලික විමර්ශන වලදී හෙළි වී ඇතෙ
