පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට තවත් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කථානායක ආචාර්ය අසෝක රන්වල මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මෙහිදී තමාට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය මහතා පහරදුන් බව යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා විසින් අද (03දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
එහිදී තමා පහරදුන් බවට එල්ල කරන චෝදකාව ප්‍රතික්ෂේප කරන බව සුජිත් සංජය සමතා ප්‍රකාශ කර සිටියේය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ - මේ පාර්ලිමේන්තුවේ රඟපාන ටික්ටොක් කරන මන්ත්‍රීවරු ඉන්නවා. අපි දැක්කා පසුගිය කාලයේ යාපනය දිස්ත්‍රික්කයෙන් ආපු මන්ත්‍රීවරයෙක් ටික්ටොක් කරනවා. විපක්ෂනායකවරයාගේ පුටුවේ වාඩි වෙලා ඇගේ හයිය පෙන්නපු මන්ත්‍රීවරුන්ට මේ පාර්ලිමේන්තුවේ උත්තරීතර බව ආරක්ෂා කරන්න බැරි නම් ඔබතුමියලා, කාථානායකතුමා අවශ්‍ය පියවර ගන්න. ඇගේ හයියට වැඩ කරන්න ඉඩ තියන්න එපා.
ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් - මම පළවෙනි සැරේ පාර්ලිමේන්තු ඇවිත් සිටිනවා. මම දැන් කතා කරන්න ගියා විපක්ෂනායකවරයාගේ කාර්යාලයට. මට වෙන් කරපු වෙලාව බලන්න. එතකොට මෙතන සුජිත් කියන පුද්ගලයා මට ගැහුවා. මේක පාර්ලිමේන්තුව ඇතුලේ සිදුවෙනවා නම් කොහොමද අපි පාරවල් වල යන්නේ ?
නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර - කථානායකතුමාට පැමිණිලි කරන්න මන්ත්‍රීතුමා.
ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් - මේ පුද්ගලයා මට ගැහුවා අර පුටු සිද්ධිය නිසා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර - මේ යාපනයේ ස්වාධීන මන්ත්‍රීතුමා විපක්ෂනායක කාර්යාලයට ඇවිල්ලා විපක්ෂනායක ලේකම්වරයා ඉදිරියේ බොහෝම අශෝබන ලෙස හැසිරුනා. ඔහු නොගැලපෙන වචන, කුණුහරුප කිව්වා. ඒ සම්බන්ධව අපි කථානායකතුමාට අපි පැමිණිල්ලක් කරලා තියෙනවා. සමහරු උගත් වුණාට බුද්ධිමත් නෑ. ඒ නිසා මූලාසනයෙන් පරීක්ෂණයක් කරන්න. මේ ගැලපෙන්නේ නැති මන්ත්‍රීවරැ විපක්ෂයේ තියන්න එපා, වෙනතැනකින් වාඩිකරවන්න.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා - මෙතුමා බරපතල ප්‍රකාශයක් කරනවා. මෙතුමාට පහරදුන්නා කියලා. එහෙම කිසිම දෙයක් සිදුවෙලා නෑ. මම ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.
ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් -මම ඇහුවා කොහොමද වෙලාව වෙන් කරන්නේ, මට අද දවසේ කතාව තිබුණේ නෑ හෙට මගේ කතාව තියෙනවාද කියලා ඇහුවා. එතන ඔෆිසර්ස්ලා හිටියා. ඔවුන් අනිත් කාමරයකට මාව එක්කන් ගියා. ඒ අනුව හෙට හවස 4ට වගේ වෙලාව දෙන්න පුළුවන් කිව්වා. ඒ ඔ්ඩර් එක හදන්නේ කොහොමද කියලා අහන්න ගියා. එතකොට මේ සුජිත් කියන පුද්ගලයාටයි, තව පුද්ගලයෙකුටයි කතා කරන්න කියලා කිව්වා ඒක තීරණය කරන්න කියලා. එතකොට මම ඇහුවා පක්ෂ නායකයෙක් විදියට මට උත්තර දෙන්න කියලා. එතනදී සුජිත් කියන පුද්ගලයා මට ගැහුවා. මට ගහන්න තප්පරයක්වත් ඔ්නී නෑ. මෙයා මගේ තාත්තාගේ වයස. ඒ නිසා ගැහුවේ නෑ.