සුප්‍රකට සීනි බදු වංචාව හේතුවෙන් රජයට අහිමි වූ බදු ආදායම රුපියල් කෝටි 1676ක් ලෙස ගණන් බලා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවට පැවැසිය.
සිනි බදු වංචාව සම්බන්ධයෙන්වූ විගණකාධිපති වාර්තාව හා දේශීය ආදායම් කොමසාරිස්වරයාගේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඔහු මේ බව පැවැසීය.
2020 ඔක්තෝබර් මාසයේදී සීනි මත අයකළ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට සත 25ක් දක්වා පහළ දැමීමට කටයුතු කළේය. මේ අනුව සිනි ආනයනය කරන සමාගම් එම කාලයේදී අසිමාන්තිකව සීනි ආනයනය කළත් බදු අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට නොලැබුණි.
බදු අඩු කළත දිගින් දිගටම සීනි මිල ඉහළ ගියේය.සීනි බදු අඩු කළ කාලසීමාව තුළදී සීනි ආනයනය කරන ප්‍රධාන සමාගමක් තම සීනි ආනයනය 1222 ගුණයකින් ඉහළ ගිය බවත් එම සමාගම විසින් පමණක් රුපියල් බිලියන 6කට අධික වාසියක් ලබාගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එසේම මෙසේ අහිමි වූ අදායම නැවතත් රජයට අය කර ගත හැක්කේ ඒ හරහා අයුතු ලාභ ලැබූ සමාගම්වලින් එම මුදල් ආදායම් බදු ලෙස නැවත අයකර ගැනීමෙන් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මේ සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහාය අවශ්‍ය බවත් තමන් ඒ නෙුවෙන් මූලාරම්භයක් ලබාදී ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය.