හම්බන්තොට සාමෝදාගම ක්‍රීඩාංගනය අසලදී පාසල් සිසුන් දෙපිරිසක් අතර වූ ගැටුමකින් පහළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යයකු ඊයේ (5 දින) ජීවිතක්ෂයට පත්ව ඇතැයි හම්බන්තොට මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හම්බන්තොට බැද්දේවෙල පාරේ පදිංචිව සිටි මොහොමඩ් ෆයිරූස් අශීස් අහමඩ් නමැති හම්බන්තොට පාසලක ඉගෙනුම ලබන පහළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යයකු වේ. මෙම ශිෂ්‍යයා ඊයේ උපකාරක පන්තියකට සහභාගී වී නැවත එමින් සිටියදී මග රැක සිටි තවත් පාසල් ශිෂ්‍යයකු අතර ගැටුමක් ඇති වී තිබේ. ගැටුමින් තුවාල ලැබූ පාසල් ශිෂ්‍යයා හම්බන්තොට රෝහලට රැගෙන යන අතරතුරදී ජීවිතක්ෂයට පත්ව ඇති බව හම්බන්තොට මූලස්ථාන පොලීසිය කියයි.
සැකකාර ශිෂ්‍යයා හම්බන්තොට පාසලක උසස් පෙළ හදාරන 17 හැවිරිදි අයෙකු වන අතර ඔහුද හම්බන්තොට පදිංචිකරුවෙකි. ඔහු තම පියාට අයත් ත්‍රීරෝද රථයකින් පැමිණ ඇති බවට අනාවරණය වී ඇත. එම සිසුවා පැමිණි ත්‍රී රෝද රථය ඊයේ රාත්‍රී හම්බන්තොට මූලස්ථාන පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබිණි. තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී කීර්තිරත්නගේ උපදෙස් පරිදි හම්බන්තොට මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
බෙලිඅත්ත - කවීෂා ගරුසිංහ