නැවත දැනුම්දෙන තුරු සිරි දළදා වන්දනාව වෙනුවෙන් මහනුවර නගරයට නොපැමිණෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියි.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (24) පැවැති මාධ්‍ය හමුවක දී දිස්ත්‍රික් ලේකම්වරයා මෙම අදහස් පළ කළේය.
ජනතාවගේ පසින් බලා, ඔවුන් වෙත සිදුවන අපහසුතාවයන් සළකා බලා මෙම තීරනය ගත් බවත්, තවරටත් ජනතාව මහනුවරර පැමිණියහොත් සෞඛ්‍ය ගැටළු ඇතිවිය හැකි බවත් ජනතාවට අහිතකර තත්වයන් ඇති හැකි බවත් ඒ මහතා අවධාරණය කළේය.
මහනුවර නගරය සීමා සහිත නගරයක් බවත්, මේ වන විටත් පැමිණ සිටින ජනතාවගේ ප්‍රමාණය විශාල බැවින් නගරයට දරා ගැනීමට නොහැකි බවත්, ආහාර හා සනීපාරක්ෂක පහසුකම් සැපයීමේ දුෂ්කරතාවයක් පවතින බවත් ඒ මහතා කීවේය.
මේ වන විට පැමිණ සිටින ජනතාව සඳහා දළදා වන්දනාව සදහා දින හතරක් පහක පමණ කාලයක් ගත කිරීමට සිදුවන බවත් ඒ මහතා පවැසිය.
මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා මෙහිදි අදහස් දක්වමින්, සිරි දළදා වන්දනාව සඳහා ලක්ෂ 4 1/2 ක පමණ සැදැහැවතුන් පිරිසක් මේ වනවිටත් මහනුවර නගරයට පැමිණ තිබෙන බැවින් නැවත දැනුම් දෙනතුරු වන්දනාකරුවන් රැගත් වාහන නගරයට ඇතුළු කර නොගන්නා බව සඳහන්කළේය.
මෙලෙස මහනුවරට පැමිණි පැමිණි බස් රථ 32 ක් ගන්නෝරුව ප්‍රදේශයේ දී ඊයේ (23) රාත්‍රියේ නතර කළ බව ද පැවසීය.
වන්දනාකරුවන් රැගෙන කුරුණෑගල දෙසින් එන බස් රථ මාවතගම පොලිස් වසමේ මැටිබොක්ක ප්‍රදේශයේදීත් දඹුල්ල දෙසින් එන වාහන අළුවිහාරේදීත් මහියංගණ දිගන මාර්ගයේ එන වාහන හසලක ප්‍රදේශයේදීත් හඟුරන්කෙත දෙසින් එන වාහන මයිලපිටියේදීත් ගම්පොළ දෙසින් එන වාහන වැලිගල්ලේදීත් කෑගල්ල දෙසින් එන වාහන මාවනැල්ලේදීත් නතර කිරීමට පොලීසියට දැනුම් දී තිබෙනවා.
එම බස් රථ වල පැමිණෙන ජනතාවට අවශ්‍යය මූලික පහසුකම් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පළාත් පාලන ආයතන මගින් ලබා දීමට සැළසුම් කර තිබෙනවා. ඉතිරි දින වල දී දළදා වහන්සේ වන්දනා කිරීමට ප්‍රමාණවත් ජන පිරිසක් මේ වනවිටත් මහනුවරට පැමිණ තිබෙන බැවින් අලුතින් එන අයට එම අවස්ථාව ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. තත්ත්වය කළමනාකරණය කර ගැනීමට හැකි වුවහොත් දළදා වහන්සේ වැඳපුදා ගැනීමෙන් පසුවන සැදැහැවතුන්ට මහනුවරට පැමිණෙන ලෙස නැවත දැනුම් දීමක් කරනවා.
මැතිවරණ කාලසීමාවක් වුවත් පොලිස් නිලධාරීන් දස දහසක් හා යුද හමුදාවේ හයදහස් පන්සීයයක් ආරක්ෂාව සඳහා යොදවා තිබෙනවා. සැදැහැවතුන් පෝලිම් කිරිම සඳහා සකස් කර තිබෙන බට වැටේ සීමාව ඉක්මවා කිලෝ මීටර් දහයක පමණ දුරට පෝලිම් වල ජනතාව රැඳී සිටිනවා.
අද වනවිට පෝලිම් වල ලක්ෂ 4 1/2 ක් පමණ ඇතැයි ඇස්තමේන්තු කරනවා. ඊයේ දිනයේ වන්දනා කරුවන්ගේ පැමිණීම සීමා කරන්න සිදු වුණා. නගරයට තව දුරටත් ජනතාව පැමිණීම වැලැක්විය යුතු බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා. විශාල ප්‍රදේශයක මහ ජනතාව එක්රැස් වීම මගින් විවිධ වූ සමාජ හා සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවධානමක් පවතිනවා. ඉදිරි දින දෙකේ දී දළදා වහන්සේ වන්දනා කිරීමේ අරමුණින් මහනුවරට පැමිණීමෙන් වලකින ලෙස දැනුම් දෙන්නේ ඒ නිසයි.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී අභයකෝන් අදහස් දක්වමින්,. දළදා දැක්ම වෙනුවෙන් සංවිධාන කටයුතු සිදු කරන කණ්ඩායම දෛනිකව රැස්වී ඉදිරියේ දී ගත යුතු තීරණ සාකච්ඡා කරනවා. මේ වනවිට පවතින තත්ත්වය අනුව නගරයට තවත් ජනතාව ඇතුළුවීමෙන් අවධානම් තත්ත්වයක් නිර්මාණය වෙනවා.
ආහාර හා පානීය ජල අවශ්‍යතා සපුරාලිය හැකි වුවත් සනීපාරක්ෂක පහසුකම් සැලසීම සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතුවිය හැකියි. මේ නිසා පවතින සැබෑ තත්ත්වය ජනතාවට දැනුම් දිය යුතු බවට කමිටුව තීරණය කළා. තව දුරටත් ජනතාව මහනුවරට ඇතුළු වුවහොත් විශාල තෙරපීමක් ඇතිවිය හැකියි. යුද හමුදාවේ පන්සීයය ක පමණ පිරිසක් අලුතින් මහනුවර කැඳවීමට ආරක්ෂක ලේකම් හා සාකච්ඡා කළ බව ද පැවසීය.
ආර්. එම්. ප්‍රදීප්
