ශ්‍රී දළදා මාලිගාවේදී පැවත්වෙන සිරි දළදා දැක්ම හෙට (18) දින සිට ආරම්භ කෙරේ.
වසර දහසයකට පසුව පැවැත්වෙන මෙම දළදා දැක්ම අප්‍රේල් මස 27 දින දක්වා පුරා දින 10ක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ආරම්භ දිනය වන 18 දින පස්වරු 3:00 සිට පස්වරු 5:30 දක්වා මෙම දැක්ම පැවැත්වේ.
ඉන්පසු අප්‍රේල් 19 සිට 27 දක්වා දිනපතා දහවල් 12:00 සිට පස්වරු 5:30 දක්වා දින දහයක් මෙවර සිරි දළදා දැක්ම පැවැත්වේ.
සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක් හඳුන්වා දී ඇති අතර එහි පලමු වැන්න මහනුවර ඩී.එස්. සේනානයන වීදිය දෙස සිට (ත්‍රිකුණාමල වීදිය) ශ්‍රී දළදා මාලිගාවේ පිවිසුම තෙක් ස්ථාපනය කර ඇති පෝලිම් මාර්ගයයි.
දෙවන පෝලිම් මාර්ගය රතු බෝක්කුව දෙස සිට මහනුවර වැව රවුම (සංඝරාජ මාවත) හරහා ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් ස්ථාපනය කර ඇති අතර තෙවන පෝලිම් මාර්ගය, රතු බෝක්කුව දෙස සිට මහනුවර වැව රවුම (මාලිගාව පෙදෙස) හරහා ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් ස්ථාපනය කර ඇත.
සිරි දළදා දැක්ම ප්‍රදර්ශනය හේතුවෙන් මහනුවර, දෙනුවර සහ වත්තේගම අධ්‍යාපන කලාපවල නගරයට ආසන්න ප්‍රදේශවල පිහිටි තෝරාගත් පාසල් 49ක් සඳහා නිවාඩු ලබාදීමට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පියවර ඇත.
මෙම කාලය තුළ දී මහනුවර නගරයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක අතර, ඒ වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිස් නිලධාරීන් දස සහසක පිරිසක් සේවයේ යෙදවීමත් පියවර ගෙන ඇති අතර විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කෙරේ.
මෙවර සිරි දළදා දැක්ම සඳහා ලක්ෂ 20ක පමණ සැදැහැවතුන් පිරිසක් මහනුවරට එතැයි අපේක්ෂා කරන අතර ඔවුන් සඳහා දන්සැල් සංවිධාන කර ඇත.
අස්ගිරි මල්වතු උභය මහා විහාරීය මහ නායක ස්වමින් වහන්සේලාගේ අනුශසනා පරිදි, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල නිලමේ තුමන්ගේ මෙහෙය වීමෙන් පවැත්වෙන මෙවර දළදා දැක්ම පැවැත්වේ.
මේ සඳහා සඳහා ශ්‍රී දළාදා මාලිගාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මධ්‍යම පළාත් සභාව, මහනුවර මහ නගර සභාව ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක් එක්ව බැතිමතුන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සිදු කෙරේ.