පාස්කු ඉරිදා බෝම්බ ප්රහාරය පිළිබඳ කරුණු විමසීම සඳහා ගරු සිරිල් ගාමිණී ප්රනාන්දු පියතුමන් නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.
19දාපෙරවරු 10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස එම දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ III ස්ථානාධිපති, කාන්තා ප්රධාන පොලිස් පරීක්ෂක නාලනී දිසානායක මහත්මියගේ අත්සනින් යුතුව ලැබුණු ලිපියකින් මේ බව දැනුම් දුන් බව උන්වහන්සේ සඳහන් කළහ.
%පාස්කු ප්රහාරයට අදාළව අවස්ථාගත කරුණු තමන් දන්නා බවට තොරුතුරු ලැබී ඇති බැවින් ඒ සම්බන්ධයේන් කරුණු විමසීම සඳහා අදහස් කර අත^ යන්න එම ලිපියෙන් දැනුම් දුන් බවද සිරිල් ගාමිණී පියතුමා පැවසූහ.
මීට පෙර රාජ්ය බුද්ධි අංශයේ අධ්යක්ෂ ජනරාල් සුරේෂ් සලේ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ පැමිණිල්ලකට අනුව 2021 නොවැම්බර් 03වැනිදා සිට 2021 නොවැම්බර් 08 දක්වා දින තුනක් සිරිල් ගාමිණී ප්රනාන්දු පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවනු ලැබිණ.