Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 19 වන ඉරිදා
2025 ජනවාරි මස 19 වන ඉරිදා
අධිකරණයට අපහාස කිරිමේ චෝදනා යටතේ මේ වන විට සිර දඬුවම් නියම වී ඇති බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනපති පොදු සමාව ලබාදෙන ලෙස ශ්‍රී ලංකාවේ සියලුම සංඝසභාවන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටියි.
අස්ගිරිය මහා නිකාය, මල්වත්ත මහා නිකාය, කෝට්ටේ සංඝ සභාව, අමරපුර මහා නිකාය රාමඥ්ඥ මහා නිකාය යන සංඝ සභාවල මහානායක හිමිපාණනන් වහන්සේලාගේ අත්සන් සහිතව ලිපි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකර තිබේ.
මීට අමතරව ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාරද ඥානසාර හිමියන්ට පොදු සමාව ඉල්ලා තිබේ.
Champa Tuesday, 22 January 2019 03:58 PM
ඔන්න කාලෙකට පස්සේ සිංහල බෞද්ධයන්ට හිත සතුටු වෙන දෙයක් සිද්ධ වෙලා තියෙනව. සමගිය බලය වේ. මහා සංඝ රත්නය මෙහෙම එකතු වෙනවා නම් මොනවා කරන්න බැරිද? මේ එක්කම සිංහල බෞද්ධයනුත් එකතු කරන්න ඕනේ. අසාධාරණයට විරුද්ධව මහා සංඝ රත්නය හැමදාම නැඟී හිටිය. රට ජාතිය ආගම වෙනුවෙනුත් ඒ විදිහටම හැමදාම් ඉතිහාසය පුරාම නැඟී හිට්යා. අදටත් වෙන්නේ එක. ගුවන් කොටින්ට විරුද්ධව දීපු තීන්දුව බලන්න. හමුදා භටයනුත් ඇතුළුව 14ක් මරපු ගුවන් යාන 8ක් හෝ 9ක් සම්පූරනයෙන් විනාශ කරලා 10 කට හානි කරපු මරාගෙන මැරෙන කොටි ගුවන් කොමාන්ඩෝ දෙන්න, දරුණු මුහුදු කොටින්ට සමාන, කොටි දෙන්නට අවුරුදු 5යි උසාවියට අපහස කළා කියල ඥානසාර හාමුදුරුවන්ට අවුරුදු 19යි. ඥානසාර හාමුදුරුවෝ නිදහස් කල යුතුයි කියලා කාලෙක ඉඳන් කිව්වා. හැබැයි ඔය පොදු සමාව වගේ වචනයක් හරි යන්නේ නැහැ. කරන්න ඕනේ දඬුවම අහෝසි කරන එක. එතකොට හාමුදුවන්ගේ ආත්ම ගෞරවය රැකෙනව. නැත්නම් නිදහස් කරපු දේශපාලකයට ගැති බවක් ඇති වෙනවා. අර එක මිනිහෙක් කියනව ඥානසාර හාමුදුරුවන්ව නිදහස් කරන්න එපාලු ගෝඨාභයට චන්ද කැඩෙයි කියලා. මොන තරම් ආත්මාර්ථකාමී අදහසක්ද? අනික ගෝඨාභයට දිනන්න තරම් චන්ද කොහොමත් ලැබෙන්නේ නැහැ.
Reply : 1 10
Champa Tuesday, 22 January 2019 04:54 PM
ඥානසාර හාමුදරුවෝ නිදහස් කරන්න කියලා කියලා තියෙන මේ ලියුම් දෙසැම්බර් මාසේ ඉඳන් ලියපුව කියලා දැන් තමයි දැක්කේ. ජනාධිපතිවරයා මෙච්චර කල් ඒ ගැන අවධානය යොමු කලේ නැත්තේ මොකොද? හින්දු පූජකයන්ටයි අසාද් සාලිටයි ලකුණු අරන් දෙන්නද? නෙද්දකින්.
Reply : 0 30
anonymous Tuesday, 22 January 2019 09:07 PM
සමාවදීම කෙසේවෙතත් දඬූවම අවසානයේදී චීවරය ගලවා ප්‍රංශයට පිටත් කර එවන්න. පවුල මග බලමින් ඇත. මේවාට අනුබල දෙන මහානායකයින් අපාගත වීමද නොවැලැක්විය හැක.
Reply : 7 0
rocky Wednesday, 23 January 2019 06:27 AM
"අසාධාරණයට විරුද්ධව මහා සංඝරත්නය කවදත් නැගී හිටිය?" අනේ චම්පෝ! ලන්ජිතිස්සට රජකමේ උරුමය තියෙද්දී තුල්ලත්තන කුමාරයට රජකම පවරලා සිංහල රජපෙලපතේ පළමුවෙනි ඝාතනය සිද්ධකලේ " අසාධාරණයට විරුද්ධව නැගී හිටලද?" මෙත්තා බිසවගේ පුතාට `පෙරසිරිත් කඩකොට` යුවරජකමට පත් කෙරුවේ "අසාධාරණයට විරුද්ධවද?``. නරේන්ද්‍රසිංහ රජුගෙන් පස්සේ උනම්බුවේ කුමාරයට රජකම නොදී නායක්කර් කුමාරයෙකුට රජකම පවරන්න බලකලේ "අසාධාරණයට විරුද්ධවද"? බූද්ධරක්ඛිතලා සොමාරාමලා එකතුවෙලා බණ්ඩාරනායක මහත්තයව මැරුවේ "අසාධාරණයට විරුද්ධවද? මහාවිහාරයට පක්ස නොවූ නිසා අනුලා දේවියට, සීගිරි කාස්යපට, 1 වෙනි රාජසිංහට මහාවන්සෙන් මඩ ගහලා තියෙන්නේ "අසාධාරණයට විරුද්ධවද?" ඉතිහාසෙන්ම තව ඔය වගේ කෙරුවාවල් බලා ගන්න පුළුවනි.
Reply : 1 1
rocky Wednesday, 23 January 2019 06:33 AM
මේක අහන්නේ මට තේරෙන්නේ නැති හින්දයි. බුද්ධාගමේ ත්‍රිවිධ රත්නය , බුද්ධ, ධම්ම , සංඝ ගැන අපි කතා කරනවා. මහා බුද්ධ රත්නයක්, මහා ධම්ම රත්නයක් නැහැ. එහෙමනම් මේ "මහා සංඝ රත්නය" කියන එක බුදුහාමුදුරුවන්ටත් වඩා ඉහලද? මේ හිරේට නියම වෙච්ච හාමුදුරුවොත් ඇතුලත් වෙන්නේ ඒ ශ්රේනියටද?
Reply : 9 1
Don Wednesday, 23 January 2019 09:22 AM
දෙසැම්බර් මාසයේ ආණ්ඩුවක් තිබුනේ නෑනේ
Reply : 0 4
Champa Wednesday, 23 January 2019 12:28 PM
Rocky - සිංහල කියවා තේරුම ගැනීමේ හැකියාව අඩු බව පේනවා. ඈත අතීතයේ පටන් මහා සංඝ රත්නය "අසාධාරණයට විරුද්ධව" කතා කරපු එකයි ඉතිහාසයේ රජවරු රජකම ලබපු හැටියි අතරේ සම්බන්ධයක් නැහැ. ලංකාවේ මහා සංඝ රත්නය කිව්වහම ඕනේ සිංහල බෞද්ධයෙක්ට මතක් වෙන්නේ ජීවිත පරිත්‍යාගයෙන් රට වෙනුවෙන් සටන් කරපු හාමුදුරුවරු. ඔබ බෞද්ධයෙක් නොවෙන නිසා ඔබට අනුකම්පා කරනවා. අනිත් එක ඔය කියපු කතාව වැරදියි. ලංකා ඉතිහාසයේ වැඩිමල් කුමාරයට රජකම නොදී දෙවෙනියට දීපු පලවෙනි අවස්ථාව සද්ධාතිස්සගේ වැඩිමල් පුතා, රුහුණේ යුවරජ වෙලා හිටපු ලාමනි තිස්සට නැතුව තුලත්තනට රජකම ලැබුණු එක නෙමෙයි, ඊට කලින් මුඨසිව රජ්ජුරුවන්ගේ පලවෙනි පුතා අභය කුමාරයාට රජකම නොදී දේවානම්පියතිස්සට රජකම දීල තිබුන. ලාමනිතිස්ස මල්ලිව මැරුව කියල කොයි ඉතිහාස පොතේද තියෙන්නේ? බණ්ඩාරනායකව මැරුවේ සෝමාරාම නෙමෙයි කියන එක ප්‍රසිද්ධ රහසක්. අහල තියෙන අනිත් ගොන් ප්‍රශ්න මගේ comment එකේ කියපුවට අදාළ නැති නිසා ඒවාට උත්තර දෙන්න කාලය නාස්ති කරන්නේ නැහැ.
Reply : 0 10
rochy Wednesday, 23 January 2019 07:23 PM
චම්පෝ, මම බවුද්ධයෙක් මිස "බුද්ධාගම් කාරයෙක්" නොවෙන බව පළමුවෙන්ම කියන්න කැමතියි." මහා සංඝරත්නය" බඩගෝස්තරවාදී ව කටයුතු කරරපු තැන් ඉතිහාසයෙන් පෙන්නලා දුන්නම කොයි ඉතිහාසෙන්ද කියල අහනවා! සිංහල හරියට තේරුම් ගන්නත් බැරි ලංකාවේ ඉතිහාසය ගැන හරි හමන් දැනුමකුත් නැති ඔහේද මට අනුකම්පා කරනවා කියන්නේ. අනිච්චන්! කියවලා බලන්න හරියට. මම කියපු හාමුදුරුවරු "මහා සංඝ රත්නලා" නොවෙයිද? දැන් ඔය දෙපැත්තට බෙදිලා දේශපාලන පක්කලිකම් කරන්නේ" මහා සංඝරත්න" ලද? මේ හිරේ ඉන්න හාමුදුරුවෝ" මහා සංග රත්නයක්ද?" හැබෑටම .. ඔය වගේ ගණන්කාර තක්කඩි ඔහෙලගෙ " මහා සංඝ රත්න" නම් ඔහෙල දේවදත්ත නිකායේ අනුගාමිකයන් වෙන්න පුළුවනි.මුටසිවගේ වැඩිමල් පුතා ඒ වෙනකොට ජීවතුන් අතර නොහිටිය නම් ? එහෙම නැත් නම් රජකමට නුසුදුසු කෙනෙකු වනා නම්? ඒ ගැන හිතුවද? අනිත් කාරණය, දේවානම්පියතිස්ස කාලයට පෙර ඉතිහාසය ව්‍යාකූලයි. ගණතිස්ස කියල රජෙකු හිටිය බව දන්නවද? විජයගේ ඉඳල දේවානම්පියතිස්ස දක්වා රාජ්‍ය වර්ෂ ගණන් බලපුවම පෙනේවි වැරදීමක් වෙලා තියන බව!
Reply : 12 0
rocky Wednesday, 23 January 2019 08:07 PM
අද එක පත්තරේක ප්‍රවුර්තියක් තියනවා විහාරාධිපති "මහා සංඝරත්නයක්" දසසිල් මාතාවක් පැහැරගෙන ගිහින් රියදුරා සමග ඇය දූෂණය කළා කියලා චෝදනාවකට අත් අඩංගුවට ගත් බව. දැනට දවස් දෙකකට ඉස්සෙල්ල විහාරාධිපති "මහා සංඝරත්නයක්" මිනීමැරුමක් සම්බන්ධයෙන් අත් අඩංගුවට පත් වුන බවට පුවතක් පලවෙලා තිබුන! ඔන්න, නියම "මහා සංඝ රත්න" !!
Reply : 9 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd