ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පත් වීමෙන් පසු මෙරටට පැමිණි පළමු විදේශීය ජනාධිපතිවරයා ලෙස සියරාලියෝන් රාජ්‍යයේ ජනාධිපති ජූලියස් මාඩා බීඕ මහතා දෙදින සංචාරයක් සදහා 10/20 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
එතුමා සමග දූත පිරිස ලෙස තවත් 09 දෙනෙකු ද පැමිණ සිටියහ. ඔවුන් සියරාලියෝන් රාජ්‍යයට අයත් එච්.වී.11 දරන ගුවන් යානයෙන් 10/20 දින පස්වරු 05.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ අතිවිශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .